ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 78 වෙනි ජාතික නිදහස් දින සමරු උළෙල අභිමානවත් ලෙස සමරනු වස් රඹුක්කන ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් කාර්යාලයීය නිලධාරීන් සමග සංවිධානය කරනු ලැබූ නිදහස් සමරු දින උත්සවය අද දින කාර්යාල පරිශ්‍රය හා රඹුක්කන කොට්ඨසය ආශ්‍රිතව පැවැත්විණි.
ප්‍රධාන උත්සවය රඹුක්කන ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් රත්නායක මහතාගේ සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ කොට්ඨාසයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද දින එනම් 2026.02.04 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී උත්කර්ශවත් ලෙස පැවැත්විණි. මෙහිදී සංකේතාත්මකව කොට්ඨාසයේ ඉඩම් හිමියන් සදහා දීමනාපත්‍ර බෙදා දීමක්ද සිදු කෙරුණි.
අනතුරුව පරාක්‍රම මහා විද්‍යාලයීය බටහිර තූර්ය වාදක කණ්ඩායමේ වාදනය සමග කොට්ඨාසයේ ළමා සමාජවල දරු දැරියන්ද, ගැලවීමේ හමුදා ළදරු පාසල ඇතුළු ළදරු පාසල්වල දරු දැරියන්ද, කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද කාර්යාලයේ සිට රඹුක්කන නගරය දක්වා පා ගමනක නිරත විය. ඉන්පසු මා ඔය රක්ෂිතය අවට රුක් රෝපණ වැඩසටහනක් ද පැවැත්විණි.
මෙම අභිමානවත් සැමරුම අවසන් කරමින් රඹුක්කන අශෝක බෝධිරාජාරාම විහාරස්ථානයේදී බෝධි පූජාමය පින්කමක් ද සිදු කරන ලදී.
Follow us on facebook - https://www.facebook.com/share/p/17e5LhmQzM/
- விவரங்கள்
An error has occurred while processing your request.
You may not be able to visit this page because of:
- an out-of-date bookmark/favourite
- a mistyped address
- a search engine that has an out-of-date listing for this site
- you have no access to this page
If difficulties persist, please contact the System Administrator of this site and report the error below.
404 Page not found
- விவரங்கள்














