|
"ආදරෙන් සුරකින්න - අපිට ලොව දිනන්න" තේමාවෙන් 2025 ලෝක ළමා දින කෑගල්ල දිස්ත්රික් සැමරුම අද දින එනම් 2025.10.01 පින්නවල ජාතික සත්වෝද්යානයේ දී පැවැත්විණි. කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලය, පින්නවල ජාතික සත්වෝද්යානය, ජාතික ළමාරක්ෂක අධිකාරිය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. දරුවන්ගේ නර්තනාංගයන්ගෙන් ද ක්රියාකාරකම් රැසකින් ද මෙම වැඩසටහන අලංකාරවත් විය. ශිෂ්ය තානාපතිවරුන් සදහා නායකත්ව පුහුණුවක් ද ලබා දීමට කටයුතු කර තිබුණි. එම අවස්ථාවට කෑගල්ල දිස්ත්රික් ලේකම්/ දිසාපති ජගත් හේරත් මැතිතුමා, කෑගල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සාගරිකා ගංගානි අතාවුද මැතිණිය,පාර්ලිමේන්තු මන්ත්රී සමන්ත රණසිංහ මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ද අතිරේක දිස්ත්රික් ලේකම්,රඹුක්කන ප්රාදේශීය ලේකම්තුමිය ඇතුලු මාණ්ඩලික නිලධාරීන් රැසක්ද පින්නවල ජාතික සත්වෝද්යානයේ නියෝජ්ය අධ්යක්ෂතුමිය,දිස්ත්රික් ළමාරක්ෂක නිලධාරීතුමිය, දිස්ත්රික් මනෝසමාජීය නිලධාරීතුමිය ඇතුලු ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා අංශයේ නිලධාරීන් ද,ප්රදේශයේ දරු දැරියන් හා දෙමාපියන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
|
| Follow us on facebook "https://www.facebook.com/profile.php?id=100078897007524" |
Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
முகப்பு
ආදරෙන් සුරකින්න - අපිට ලොව දිනන්න" ලෝක ළමා දින සැමරුම - කෑගල්ල
- விவரங்கள்




















